හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමාගෙන් රුපියල් කෝටි සියයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් එවා ඇති බවත් තමන් මහින්ද මහතාව අධිකරණයේදී හමු වන්නට සූදානමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.
මහනුවර දී පැවැති ජවිපෙ ප්රචාරක රැස්වීමක් අමතමින් අනුර කුමාර මහතා ඒ බව පැවැසුවේය.
මහින්ද මහතා තමාව අධිකරණයට කැඳවන තුරු බලා සිටින බවත් අධිකරණයේදී මහන්දව මුණ ගැහෙන්න සූදානමින් සිටින බවත් කී අනුර කුමාර දිසානායක මහතා එසේ වූ විට සිදු කර ඇති සියලූ වංචා දුෂණ හෙළි කළ හැකි බවත් පැවැසීය.
මොහොමඞ් ආසික්