හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපෙක්ෂකත්වයට ඉල්ලා නැති බව තමන්ට පැවැසූ බව අමාත්‍ය විජිත් විජයමුණිද සිල්වා මහතා පැවැසීය.
අද (01දා) බිබිලේ පැවැති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය.
"මම බිබිලේ සංවිධායක, 'ඔබතුමා (මහින්ද රාජපක්ෂ) පක්ෂයේ ප්‍රධාන අනුශාසක. ඔබතුමා බිබලට එනකොට ඔබතුමා හරි, අපේ පක්ෂයේ ලේකම්තුමා හරි මට කියන්න ඕන' (කියලා මම කිවුවා). මට කිවුවේ විමල් වීරවංසගේ පගරනැට්ටෙක්. මම කිවුවා ඒක හරි නෑ. එතුමා කිවුවා 'නෑ මල්ලි ප්‍රශ්නයක් නෑ' කිවුවා. එතුමාගේ දුක්ගැනවිලි රාශියකුත් කිවුවා.
එතුමා කිවුවා මට මේක මාධ්‍ය යේ කියන්න කිවුවා. එතුමා අගමැතිකම ඉල්ලලා නෑ කිවුවා. අගමැති අපෙක්ෂකත්වය ඉල්ලලා නෑ කිවුවා. මේ අවුරුදු දෙකකට කලින් අපි කිවුවද මහින්ද මහත්තයට ඡන්දේ ඉල්ලන්න කියලා. අර කොහෙවත් නැති කේන්දරකරයා කිවුවා. කියපු එක ඇහුවා. අපි දන්නෙත් නෑ." යැයි අමාත්‍යවරයා පැවැසීය.