ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ මහාචාර්ය, එම විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ හිටපු පීඨාධිපතිවරයෙකු මෙන්ම ජනමාධ්‍ය සඳහා ප්‍රවීණයෙකු වන මහාචාර්ය තිස්ස කිරියවසම් මහතා අභාවප්‍රාප්තවී තිබේ.
1942 අගෝස්තු මස 23 වැනි දින තිස්ස මහතා උපත ලැබීය. මිය යන විට ඒ මහතා 72වැනි වියේ පසුවිය.
එතුමාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන ඉරිදා දිනයේදී බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.
වකුගඩු ආශ්රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා අද (04දා) කොළඹ ජාතික රෝහලේදී මිය ගියේය.
එතුමාගේ දේහය ඉරිදා පස්වරු 1.00 සිට 3.30 ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මහජන ගෞරවය සඳහා රැගෙන ඒමට නියමිතය. ඉන් අනතුරුව දේහය බොරැල්ල සුසාන භූමියට රැගෙන යාමට නියමිතය.
ඡායාරූපය www.sundayobserver.lk
පවිත්‍රා මුතුමාලි