ශ්‍රී ලංකාව දියුණු ආහාර සංස්කෘතියකට උරුමකම් කියන රටක් වන අතර, අතීතයේ මෙරට පැවති නිරෝගීමත් හා සෞඛ්‍යසම්පන්න දිවි පැවැත්ම සඳහා එම ආහාර සංස්කෘතිය මහත් පිටිවහලක් වූ බව පෙනේ.
ශ්‍රී ලාංකේය ආහාර සංස්කෘතිය හා එහි ඓතිහාසික පරිණාමය පිළිබඳව විවරණය කෙරෙන මහා සූපවංසය නමින් කෘතියක්, දේශබන්දු (ආචාර්ය)ටී.පබ්ලිස් සිල්වා මහතා විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්වතුන් කිහිපදෙනෙකුගේද සහයෝගය ඇතිව සම්පාදනය කර ඇත.
මෙම ග්‍රන්ථය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
ඒ හරහා මෙම ක්ෂේත්රය හා සම්බන්ධ ශ්‍රී ලාංකේය දැනුම හා උරුමය ලෝකය හමුවට ගෙන යාමට අවකාශ සැලසෙනු ඇත. ඒ අනුව %මහා සූපවංශය^ ග්‍රන්ථය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර, එහි පිටපත් 1000ක් මුද්‍රණය කිරීම සඳහා අරමුදල් සලසා දීම මගින් අනුග්‍රහය දැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී ඇත.