ශ්‍රී ලංකාවේ මහා මාර්ග සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ සහාය ලබාගැනීම පිළිබඳව ඩවොස් නුවර ලෝක ආර්ථික සමුළුවට සහභාගී වී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දීය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
මීට අමතරව ආන්ද්‍ර ප්‍රදේශය සමග ඒකාබද්ධ ව්‍යාපාර ආරම්භ කිරීම පිළිබඳව හා අභ්‍යන්තර ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ විශේෂඥයන්ගේ උපදේශ ලබාගැනීම සම්බන්ධයෙනුත් මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත.