ශ්‍රී ලංකා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු 35 ක් පමණ පවතින බව මහා භාරකාරවරිය වන නීතීඥ තරංගනී කීනවින්න දිසානායක මහත්මිය පැවසුවාය.
එම දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු සඳහා නිලධාරීන් සියයක් පමණ අවශ්‍ය වුවත්, වර්තමානයේ සිටින්නේ 65කට ආසන්න නිලධාරීන් පිරිසක් පමණක් බවද ඇය සඳහන් කළාය.
මෙම පුරප්පාඩු සඳහා සුදුස්සන් පත්කරන්නැයි අධිකරණ අමාත්‍යාංශයට දන්වා යවා ඇති බවද ඇය සඳහන් කළාය.