මහා පරිමාණ සහල් මාෆියාව ගැන හෙළිදරව්වක්
රට තුළ මේ වන විට කිසිඳු වී හිඟයක් නොමැති නමුත් පසුගිය වසර වල පැවැති නියඟය නිසා ඉහළ ගිය සහල් මිළ මෙතෙක් සාමාන්‍ය තත්ත්වය පත්ව නොමැති බව සමස්ත ලංකා සහල් නිශ්පාදකයින්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් මුදිත් පෙරේරා මහතා පවසන්නේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින් මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් වෙළඳපොළට සහල් සපයන මිලට වඩා රුපියල් 15-20ක් අඩුවෙන් මේ වන විටත් සහල් වෙළඳපොළවල් වෙත නිකුත් කරමින් පවතින බවයි.
කෙසේ වෙතත් ඉතා අඩු මිළ ගණන් යටතේ වී ගොවීන්ගෙන් වී තොග මිළට ගෙන ගබසා ගත කරගෙන සිටින සහල් මාෆියාකරුවන් මේ වන විටත් වෙළඳපොලේ ඉතිරිව පවතින වී තොග මිළ ක්‍රමානුකූලව ඉහළ දමමින් තම ගබඩා ගත වී තොග සහල් බවට පත් කරමින් සිටින බවත් ලේකම්වරයා පවසයි.
මේ අනුව ඉදිරි මාසය වන විට සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිශ්පාදකයන්ටද අඩු මිළ ගණන් යටතේ සහල් තොග සැපයීමට නොහැකි වනු ඇති බවත් ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
රටේ කිසිඳු වී හිඟයක් නොමැති අවස්ථාවක මහා පරිමාණ සහල් මාෆියා සමාගම් කිහිපයක් විසින් එක් සහල් කිලෝවකින් රුපියල් 20ට වැඩි ශුද්ධ ලාභයක් තබා ගනිමින් පාරිභෝගියක් ගසා කන බවත් මහ කන්නයේ පැවැති වී මිළ මත පදනම්ව සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරන ලෙසත් එම සංගමය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



