යුද්ධයේදී මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් මිහිදන්කර ඇති කිලිනොච්චියේ කනකපුරම් මහවිරු සොහොන් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා විසින් තම විමධ්‍යගත අරමුදලෙන් ලක්ෂ 40ක මුදලක් ලබා දී ඇතැයි වාර්තා වේ.
මන්ත්‍රීවරයාට වෙන්කොට ඇති විමධ්‍යගත අරමුදලෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් සංවර්ධන වැය ශීර්ෂය යටතේ මෙම මුදල ලබා දී ඇත. ඒ සඳහා කරච්චි ප්‍රාදේශීය සභාවෙන්ද, කිලිනොච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ද අවසර ලැබී ඇති බවට දැනගන්නට ඇත.
2009 වර්ෂයේදී මෙම ස්ථානයේ තිබූ සොහොන් බිමේ එල්.ටී.ටී.ඊ සොහොන් කොත් ඇතුළු සොහොන් පිහිටි භූමියේ තාප්පයක් ඉදිකිරීමටත්, මෙම මුදලෙන් සොහොන් බිමේ වැඩකටයුතුත් සිදුකරන බවට කනකපුරම් සොහොන් බිම නිරීක්ෂණයට පැමිණි ශ්‍රීධරන් මන්ත්‍රීවරයා මාධ්‍යයට පවසා ඇත.
ඊට අමතරව මීට පෙර තිබූ ඉවත් කරන ලද සොහොන් කොත් කැබලි එකතුකොට මහා විරු ස්මාරකයක් ඉදිකෙරෙන්නේද කනකපුරම් සොහොන් බිමේදීය.
අවසන් වරට පැවති කිලිනොච්චිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ තීරණයක් සහ අවසරයක්ද ඇතිව මෙම සොහොන් ප්‍රතිසංස්කරණය කිරීමට ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් විසින් පියවර ගෙන ඇත.