රු.බිලියන 90ක (ඇ.ඩො.මිලියන 675ක) ආයෝජනයකින් සිදුකිරීමට නියමිත මහවැලි ජල සුරක්ෂිතතා වැඩසටහනේ පළමු වැනි අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය, ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමග මූල්‍ය ගිවිසුම් දෙකකට අත්සන් තැබීය.
මෙම මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ මහවැලි ජලය වඩාත් ඵලදායී ලෙස භාවිත කිරීමේ අරමුණින් එම ජලය වයඹ, උතුරු මැද හා උතුරු පළාත් සඳහා යොමුකිරීමට සැලසුම් කර තිබේ.
මෙම වැඩසටහනෙහි පළමු වැනි අදියර සඳහා සමස්ත ආයෝජනය ඇ.ඩො. මිලියන 190 ක් වන අතර, එයින් ඇ.ඩො. මිලියන 40 ක මුදල ශ්‍රී ලංකා රජය ආයෝජනය කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.