එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි මහව ප්රාදේශීය සභාවේ මන්ත්රී මහින්ද බක්මිවල මහතා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්රිපාල සිරිසේන මහතාට සහාය පල කිරීමට තීරණය කර ඇත.
අද (03 දා) පස්වරුවේ අරලගන්විල නගරයේ පැවති ජන හමුවේදී ඔහු විපක්ෂ වේදිකාවට එක්විය. මේ අවස්ථාවට පොදු අපෙක්ෂක මෛත්රීපාල සිරිසේන, සරත් ෆොන්සේකා, රවී කරුණානායක, දයා ගමගේ, වසන්ත සේනානායක යන මහත්වරු එක්ව සිටියහ.