මහරජ අජාසත්ත - බිම්බිසාර පුත් චිත්රපටයේ ඩීවීඩී තැටි විකිණීම, ප්රචාරය සහ ප්රදර්ශනය තහනම් කරමින් අලුත්කඩේ වාණිජ අධිකරණයඉකුත්දා(17දා) වාරණ නියෝගයක් පැනවීය.මහරජ අජාසත්ත චිත්රපටයට සමාන චිත්රපටයක් ඩීවීඩී තැටි හරහා වෙළෙඳ පොළට නිකුත්ව තිබූ අතර, සුනිල් ටී. ප්රනාන්දු මහතා එයට විරුද්ධව නඩු පවරා තිබිණි. බුද්ධිමය දේපළ පනත යටතේ මුල්කෘති සුරැකීම වෙනුවෙන් මෙලෙස නඩු පැවරූ බවත්, මහරජ අජාසත්ත - බිම්බිසාර පුත් චිත්රපටයට එරෙහිව වාරණ නියෝගයක් උසාවිය මගින් පැනවූ බවත් නීතිඥ උදයන්ති සෙනවිරත්න මහත්මිය පැවසුවායය.