මහරගම ජාතික පිළිකායතනය නවීන පහසුකම්වලින් යුතු පිළිකා රෝහලක් බවට පත්කිරීම වෙනුවෙන් ශල්‍යාගාරයක් සහිතව ඇටමිදුලු පරීක්ෂා කිරීමේ ඒකකයක් ඉදිකිරීමට සහ රසායනික චිකිත්සාගාරයක් ඇති කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.
මේ සඳහා රුපියල් මිලියන 1463 ක මුදලක් වැයවන බවත්, ඉන් රුපියල් මිලියන 1230 ක මුදලක් මේ වනවිට ලැබී ඇති බවත් හෙතෙම පැවසීය.