මහපොළ හෝ ශිෂ්‍යාධාර සඳහා සුදුසුකම් සපුරා ඇති කිසිදු ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට හිමි මහපොළ හෝ ශිෂ්‍යාධාර ගෙවීම් කිසිදු ලෙසකට කප්පාදු කර නොමැති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා නිවේදනයක් මගින් කියා සිටියි.
එම නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහන් වෙයි.
1. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට හා මොරටුව විශ්වවිද්‍යාලයට අලුතින් බඳවාගත් (2016/ 2017 අධ්‍යයන වර්ෂය සඳහා) සියලුම සිසුන්ට ශිෂ්‍යාධාර අත්තිකාරම් මේ වනවිටත් ගෙවා අවසන් කර ඇත.
2. 2018 ජනවාරි, පෙබරවාරි කාලය තුළ අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇති සියලුම පීඨවල සිසුන් සඳහා මහපොළ/ශිෂ්‍යාධාර අත්තිකාරම් මුදල් ගෙවීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මේ වනවිට ලබාදී ඇති අතර, ඒ අනුව අදාළ ගෙවීම් කටයුතු මාර්තු මාසය තුළදී සිදුකිරීමට විශ්වවිද්‍යාල විසින් දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇත.
3. දැනට අධ්‍යයන කටයුතු ආරම්භ කර නැති, එහෙත් ඉදිරියේදී අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට යෝජිත විශ්වවිද්‍යාලවල සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කළ දින සිට මසක් ඇතුළත මහපොළ/ ශිෂ්‍යාධාර අත්තිකාරම් මුදල් ගෙවීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇත.
4. මහපොළ ශිෂ්‍යත්වය සඳහා සුදුසුකම් ලබන, අලුතින් ඇතුළත්වන සිසුන් සඳහා (2016/ 2017අධ්යයනවර්ෂයසඳහා) මහපොළ ශිෂ්‍යත්ව වාරික ගෙවීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මාර්තු මාසය තුළදී විශ්වවිද්‍යාල වෙත ලබාදීමට මහපොළ භාරකාර අරමුදල කටයුතු කර ඇත.
5. දැනට මහපොළ ශිෂ්‍යත්වය ලබමින් සිටින සියලුම සිසුන් සඳහා ඉදිරි ශිෂ්‍යත්ව වාරික ගෙවීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මේ වනවිට සියලුම විශ්වවිද්‍යාල වෙත ලබා දී ඇත.