මහනුවර මහ රෝහලට පැමිණෙන රෝගීන් ඇතුළු මහ ජනතාවගේ භාවිතය සඳහා ඇති සුබසාධක සංගමයේ ආපන ශාලාව සිංහල අලුත් අවුරුද්දෙන් පසුව වසා දමා ඇතැයි එහි පැමිණෙන ජනතාව පවසති.
කෙසේ නමුත් වෛද්‍යවරුන් සහ හෙද කාර්යමණ්ඩල සඳහා ඇති ආපන ශාලා දෙක පවත්වාගෙන යන බවද ඔවුහු කියති.
මේ පිළිබඳව අවධාණය යොමුකර සුබසාධක සංගම් ආපන ශාලාව යළි ආරම්භ කරන්නැයි ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.