මහනුවර අැතිවූ සිදුවීම හේතුවෙන් විනාශයට පත්වූ ප්‍රදේශයන්හි සංචාරයකට එක්වීමට හිටපු අමාත්‍ය රවි කරුණනායක මහතා ඊයේ කටයුතු කරනු ලැබීය. එහිදී දිගන දී පහරදීමකට ලක්වි මිය ගිය සිංහල ජතිකයාගේ හා දිගනදී ගින්නට හසුවී මිය ගිය මුස්ලිම් ජාතිකයාගේ නිවෙස් වෙතටද මන්ත්‍රීවරයා ගමන් කළේය.
එම පවුල් දෙක වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් මුදල් ආධාර පිරිනැමීමෙන් පසුව ඔවුන්ට ස්ථිර ආදායකමක් ලැබෙන තෙක් සිය මන්ත්රීවැටුපෙන් රැපියල් 20000 බැගින් ලබාදෙන බවටත් පොරොන්දු විය.
"අපි ඉතිහාසායෙන් පාඩම් ඉගෙන ගන්නේ නැති රටක් බවට පත්වෙලා තිබෙනවා. පටු දේශපාලනය කරන අය මේවා නවත්වලා රටක් ගැන හිතන්න තමයි වෙලා තියෙන්නේ. වෘකයන් ඉන්නවා බැටලු ඇඳුමම ඇඳගෙන දේශපාලනයේ. හොයන්න බැරිද හොයන්න ඕන කමක් නැත්ද?"