මහනුවර මහ නගර සභා පරිශ්‍රයෙත් ඩෙංගු කීටයෝ
මහනුවර මහ නගර සභා බලසීමාවේ ඇති ඩෙංගු කීට ඇති ස්ථාන පිළිබඳව කළ සමීක්ෂණයේදී නගර සභාවේ නගරාධිපතිවරයාගේ කාර්යාලය ආසන්නයේ ඉදිවන පශු වෛද්‍ය හා ක්‍රීඩා කාර්යාල සංකීර්ණ වැඩබිමේ සිදුකරන ලද ඩෙංගු මදුරු කීට සමීක්ෂණයේදී එහි ඩෙංගු මදුරු කීට සක්‍රිය තත්ත්වයේ ඇති බවට පරීක්ෂණවලින් තහවුරුවී තිබේ.
මේ හේතුවෙන් අදාළ වැඩබිමේ කොන්ත්‍රාත්කරුට ඔක්තෝම්බර් මස 16 වැනි දින උසාවිය හමුවේ පෙනී සිටින ලෙස මහනුවර අධිකරණය මගින් සිතාසි නිකුත් කෙරිණි.
මේ සම්බන්ධයෙන් මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අශෝක සෙනරත් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ නගර සභා භූමියේ අදාළ වැඩ භූමියේ ඩෙංගු මදුරු කීට සක්‍රිය වී ඇති බවට මීට පෙර එක් අවස්ථාවකදී ද එහි කොන්ත්‍රාත්කරුට අවවාද කළ බවත්, එම තත්ත්වය මගහරවා ගැනීමට ඔහුට ලබාදුන් කාලයෙන් පසු කරන ලද ඩෙංගු මදුරු කීට සමීක්ෂණයේදී එහි තවදුරටත් ඩෙංගු මදුරු කීට සක්‍රිය තත්ත්වයේ තිබෙන බවට තහවුරු වූ බවත්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

