මහනුවර මහ නගර සභාවේ නව පුරපති ලෙස සේන දිසානායක මහතා අද (16දා) මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
සේන දිසානායක මහතා මහනුවර මහ නගර සභාවේ 25 වැනි පුරපති ලෙස දිවුරුම් දෙනු ලැබුවේ මිට පෙර පුරපති ලෙස කටයුතු කළ මහේන්ද්‍ර රත්වත්තේ මහතා එම තනතුරෙන් ඉවත් වී මහනුවර ශ්‍රි විශ්නු දේවාලයේ බස්නායක නිලමේ තනතුර සදහා ඉදිරිපත් වීම හේතුවෙන් පුරප්පාඩු වු නගරාධිපති තනතුර සඳහාය.