රාජ්ය නායකයන් මහනුවරට පැමිණි අවස්ථාවලදී භාවිත කළ නිල නිවස වන ජනාධිපති මන්දිරය මහජනතාවට දැක බලා ගැනීම සඳහා විවෘතව තැබීමට යෝජනා වී ඇතැයි 'අද' පුවත්පතට වාර්තා වේ.
පිළිමතලාවේ නිලමේවරයාගේ වලව්ව පිහිටි භූමියේ ඉංග්රීසින් විසින් මෙම නිවස අලංකාරව ඉදිකර ඇති අතරල එවක මෙම නිවස රජගෙදර නමින්ද හඳුන්වා ඇත.
මෑත කාලයේදී ජනාධිපති මන්දිර භූමියේ අතිවිශාල සිවුමහල් ගොඩනැගිල්ලක්ද ඉදිකර ඇත්තේ එහි සිවුවන මහලේ විශාල සම්මන්ත්රණ ශාලාවක්ද සමගිනි.
වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මෙම ජනාධිපති මන්දිරයේ භාවිතයට නොගැනීමට තීරණය කර ඇති බැවින් එය මහජනතාවට හා පාසල් ළමයින්ට විවෘතව තැබීම සඳහා දැනට යෝජනා වී ඇති බවද වාර්තා වේ.