මහනුවරප්‍රදේශයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හදිසි තත්ත්වයක් සේ සලකා පක්ෂ නායකයන් රැස්ව තීරණයක් ගතයුතු බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (07දා) පැවසීය.
පක්ෂ නායකයන් රැස්කිරීම සඳහා කථානායක කරු ජයසූරිය මහතා මැදහත්විය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
"මේ වන විට දිස්ත්‍රික්කයේ නගර රාශියක නරක තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ගයන්ත කරුණාතිලක සංවිධායක රජය වෙනුවෙන් ලබාදුන් පිළිතුර මදි. රජයේ ඇමතිවරු රජයටම චෝදනා කරමින් මේ තත්ත්වය තවත් නරක තත්ත්වයකට පත්කළා. ජනාධිපතිතුමා හදිසිනීතිය පනවා තිබෙනවා. සාමාන්‍ය‘යෙන් සිවිල් නිලධාරීන්ට පාලනය කරන්න බැරි නිසානෙමෙයි ජනාධිපතිතුමා හදිසි නීතිය ප්‍රකාශයට පත් කළේ. මේ බරපතළ තත්ත්වය ගැන වගකිවයුතු කිසිවෙකු නැත්නම් ප්‍රකාශ කරන්න සියලු ප්‍රධාන පක්ෂවල සාකච්ඡාවක් කැඳවා මැදිහත්වන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා. මේක කල්දාන වෙලාවක් හැටියට සලකන්න එපා."