මහනුවර ප්රදේශයේ ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධව පාර්ලිමේන්තුවේ කතා කිරීමට එකදු ඇමතිවරයෙක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අද (07දා) පැවසීය.
පවතින ගැටුම්කාරී තත්ත්වය තවත් වර්ධනය වනතුරු ඇමතිවරුන් බලා සිටින බවත්, මෙය ආපදා අවස්ථාවක් ලෙස සලකා නැවැත්වීමට ආණ්ඩුව පියවර ගතයුතු බවද මන්ත්රීවරයා පවසා සිටියේය.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ, හදිසි තත්ත්වයක් සේ සලකා පක්ෂ නායකයන් රැස්ව තීරණයක් ගත යුතු බවයි.
ඒ සඳහා කතානායකවරයා මැදිහත් විය යුතු බවද ඒ මහතා ප්රකාශ කළේය.