මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පසුපස සිටින පුද්ගලයන්ගේ නම් මේ වන විට හෙළිදරව් වෙමින් සිටින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
පර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ඔහුගේ ලේකම්වරයෙක්, පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක්, පක්ෂයකට සම්බන්ධ දිස්ත්‍රික් සංවිධායකවරයෙක්ගේ නම් හෙළිදරව් වී ඇති බවද අමාත්‍යවරයා පැවැසීය.
කැබිනට තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් මෙම තොරතුරු හෙළිදරව් වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එසේම ජාතිවාදී ලෙස සමාජ මාධ්‍ය හසුරවණ පුද්ගලයන් ගැන තොරතුරුද මේ වන විට හෙළිදරව් වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.