නිදහස්, සාධාරණ සහ අපක්ෂපාතී මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ඉල්ලමින් මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිපියක් යොමුකරමින් දන්වා තිබේ.
මෙතෙක් තමන්ට අයත් කාර්යයන් කිසියම් ප්‍රමාණයකට සාධාරණව හා අපක්ෂපාතීව ක්‍රියාකිරීමට මැතිවරණ කොමසාරිස්වරයා ක්‍රියාකිරීම පිළිබඳව ප්‍රසාදය පළකරන බවද, ගම්දනව්වල සහජීවනය, සමගිය, සාමදානය තහවරු වනසේ ජීවිත, දේපළ හානි නොවන සේ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසදඑම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.