මහනගර සහ වරාය ඉදිකිරීම් සම්බන්ධව තමන් සතු අත්දැකීම් හා නිපුණත්වය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දීමට සූදානම් බව චයිනා මර්චන්ට් සමාගමේ සභාපති ලි ජියැන්හොං මහතා පැවසයි. එසේම සම්මුතිවාදී රජයේ ආර්ථික වැඩපිළිවෙල වෙනුවෙන් උපරිම සහය ලබා දීමට තමන් සූදානම් බව ද පෙන්වා දුන්නේය.
ඊයේ (16 දා) සන්ධ්‍යාවේ චයිනා මර්චන්ට් සමාගමේ ප්‍රධාන කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවැසීය.
කොළඹ වරාය සංවර්ධන කටයුතු වලදී මෙන්ම හම්බන්තොට වරාය ආශ්රිත සංවර්ධන කාර්යයන් සඳහා සිය නිපුණ දැනුම ලබා දීමට සූදානම් බව පැවසා ඇති චයිනා මර්චන්ට් සමාගමේ සභාපතිවරයා ඉදිරියේදීත් ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කිරීමට ක්‍රියා කරන බව පැවසීය.