මැලේසියාවේ මහතීර් මොහොමඩ් මහතා යළි පාලන බලය ලබා ගත් ආකාරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද යළිත් මේ රටේ පාලනය ලබා ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (15දා) පැවසීය.
දූෂිත දේශපාලඥයන්ට සැමදා පාලන බලයේ සිටිය නොහැකි බවත්, මැලේසියාවේ සිදු වූ විප්ලවය අන්වාර්යෙන්ම ලංකාවේ සිදුවන බවත් සභාපතිවරයා කීවේය.
මහතීර් මොහොමඩ් මහතා සතු ගුණාංග මහින්ද රාජපක්ෂ මහතා සතුව තිබෙන බවත්, ඔහුට බලයට පැමිණීමට අවශ්‍ය පරිසරය මේ වන විට රට තුළ ගොඩනැගී තිබෙන බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම පවසා සිටියේය.