ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් ඊබ්‍රහිම් අන්සාර් මහතාට ක්වාලාලම්පූර් ගුවන්තොටුපොළේදී කිසියම් පිරිසක් එල්ල කළ ප්‍රහාරය පිළිබඳව මැලේසියානු රජය සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.
මෙම සිද්ධිය පසුගිය 04දා සිදුවූ අතර ප්‍රහාරයෙන් මහකොමසාරිස්වරයා තුවාල ලැබීය. එසේම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමටටත් මැලේසියානු ආරක්ෂක අංශ සමත්ව සිටියි.
සිද්ධිය සම්බන්ධයෙන් මැලේසියානු රජය නිල වශයෙන් සිදුකරන ප්‍රකාශය එරට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අද (06දා) ප්‍රකාශ කරනු ලැබීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ කනගාටුව මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට ප්‍රකාශ කරන බවත් සිද්ධියට වගකිවයුතු පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙනෙන බවත් එම ප්‍රකාශයේ සඳහන් වෙයි.