මහ බැංකු - ලංකා බැංකු නිලධාරීන් සිකුරාදා කෝප් කමිටුවට
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේදී ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මහ බැංකුවේ සහ ලංකා බැංකුවේ නිලධාරීන්ගෙන් 29 වැනි සිකුරාදා ප්‍රකාශ සටහන් කරගන්නා බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා සඳහන් කළේය.
බැඳුම්කර නිකුත් කිරීමේදී ඇති වූ ගැටලුකාරී තත්ත්වය පිළිබඳව භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාගෙන් ඊයේ (26දා) ප්‍රකාශ සටහන් කරගත් බවද ඔහු පවසා සිටියේය.
බැඳුම්කර නිකුත් කිරීමේදී යම් අක්‍රමිකතාවක් සිදු වී තිබේද යන්න සොයාබැලීමට ව්‍යාපාර පොදු කාරක සභාව (කෝප්) යටතේ කමිටුවක් පත්කර තිබේ.
මෙම කමිටුවට 13 දෙනෙකු ඇතුළත් වන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා එහි සභාපතිත්වය හොබවයි. ඉතිරි සාමාජිකයන් සියලු දෙනාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතර, අදාළ සිදුවීම මූල්‍ය ගනුදෙනුවක් නිසා මහා භාණ්ඩාගාරයේ විශ්‍රාමික නිලධාරියෙකු හරහා මෙම කමිටුව ඊට අදාළ දැනුම ලබාගෙන ඇත.
මෙම කමිටුව ඉදිරියට මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාද කැඳවීමට නියමිත අතර, ඊයේ (26දා) සිට සති දෙකක් ඇතුළත මෙම කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ලබාදීමට කටයුතු කරන බවද ඩිව් ගුණසේකර මහතා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
