මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් කෝප් කමිටුව ඉල්ලා සිටි වාර්තාව අද (29දා) දිනයේදී ලබාදීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින්, මහ බැංකුව බැඳුම්කර නිකුත් කිරීමේදී අනුගමනය කර තිබෙන ක්‍රියා පටිපාටිය පිළිබඳව විගණකාධිපතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා තිබිණි.
විගණකාධිපති දෙපාර්තමේන්තුව අදාළ වාර්තාව ඊයේ (28දා) සවස් වනවිට සකස් කර අවසන් බවට වාර්තා වන අතර, එය සකස් කිරීමේදී දින සියය ආණ්ඩු සමයේදී එවකට සිටි විගණකාධිපතිවරයා විසින් බැඳුම්කර සිද්ධීන් පිළිබඳ සිදුකළ විමර්ශන වාර්තාවද සැලකිල්ලට ගෙන තිබෙන බවද වාර්තා වේ.
අද (29දා) දිනයේදී වාර්තාව ලැබුණහොත් අද දිනයේදීම ඒ පිළිබඳව කෝප් කමිටුව සාකච්ඡා කරන බවද කෝප් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා %අද^ පුවත්පතට සඳහන් කළේය.
වාර්තාව සම්බන්ධයෙන් සියලුම සාමාජිකයන් එක්ව වාර්තාවක් සකස් කරන බවත්, අදාළ වර්තාව අද දිනයේදී සකස් කිරීමට හැකි වුවහොත් පාර්ලිමේන්තුව රැස්වෙන ආසන්න දිනයේදීම බාරදෙන බවත් ඔහු පවසා සිටියේය.
එම වාර්තාව සකස් කිරීමට තවත් තොරතුරු අවශ්‍ය බවට කමිටු සාමාජිකයන් තීරණය කළහොත් එම තොරතුරු ඒකරාශී කර වාර්තාව සකස් කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.
මහ බැංකු අධිපතිවරයාගේ නිල කාලය හෙට දිනයෙන් (30දා) අවසන් වන අතර, නව මහබැංකු අධිපතිවරයෙකු තෝරාගැනීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශ මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකිරීමට නියමිතය.