මහ බැංකු නව අධිපති ලෙස අචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත්කර තිබෙනවා.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් සිය මූලික උපාධිය ලබා ගන්නා කුමාරස්වාමි මහතා සිය ආචාර්ය උපාධිය ලබා ගන්නේ, බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන්.
1973 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුවට එක්වන කුමාරස්වාමි මහතා 1989 වසර දක්වා එහි ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ සහ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කර තිබෙනවා..
අනතුරුව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශයේ සේවය කළ ඔහු 1990 වසරේ සිට 2008 වසර දක්වා පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයේ උසස් තනතුරු හොබවනු ලැබුවා.
ඔහු දක්ෂ රග්බි හා ක්‍රිකට් ක්‍රීඩකයෙක්ද වෙනවා.