ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන අමාත්‍යවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ ආකාරයටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස චමල් රාජපක්ෂ හා කුමාර වෙල්ගම යන මහත්වරුන් හමුවී සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
මීට අමතරව ප්‍රධාන අමාත්‍යවරුන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හමුවී සාකච්ඡා කිරීමටද නියමිත බව ඔහු පවසා සිටියේය.
මත දෙකක සිටියදමැතිවරණවලදී කටයුතු කරනුයේ එකට එකතු වී බවත්, මේ නිසා ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ඒකාබද්ධ විපක්ෂයේ හෙට (27දා) පැවැත්වෙන රැලියට සහභාගි වීම ගැටලුවක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ බවත් අද (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.