පළාතක ප්‍රධාන ඇමතිවරයෙකුට රජෙකු සේ සිටිය හැකි බවත්, තමා බස්නාහිර පළාත් ප්‍රධාන ඇමතිවරයා ලෙස සිටියේ නම් කිසි විටෙක පාර්ලිමේන්තුවට නොයන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (07දා)පැවසීය.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ පැවති බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති කීර්ති දිසානායක මහතාගේ වැඩබාර ගැනීමේ උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා,
“ප්‍රධාන ඇමතිවරයාගේ බලය ගැන දන්නේ නැතිව තමයි සමහර අය කටයුතු කරන්නේ. මහ ඇමතිවරයාට පළාතක ඕන වැඩක් කරගෙන රජ්ජුරුවෝ වගේ ඉන්න පුලුවන්. බස්නාහිර පළාතේ මහඇමතිවරයා විදයට මම හිටියනම් පාර්ලිමේන්තුවට යන් නැතිව එම ධුරයේ දිගටම ඉන්නවා. ජාතික දේශපාලනයේ දිගටම හිටපු කෙනෙක් නිසයි වයඹ මහ ඇමතිධුරය දාලා පාර්ලිමේන්තුවට ආවේ.
පළාතක මහ ඇමතිවරයා කියන්නේ විශාල බලයක් තියෙන කෙනෙක්. ඔහුට පුලුවන් ඕනම අමාත්‍යාංශයක් තමන් යටතට පවරාගන්න. ඔහු යටත් වෙන්නේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුකාරවරයාට පමණයි. ඒක තේරුම් නොගත් සමහර දේශපාලඥයෝ කරන ප්‍රකාශ නිසා බස්නාහිර මහඇමතිතමා ඒක ක්‍රියාවෙන් ඔප්පුකර පෙන්නුවා. අනිත් අයත් කල්පනාකරීව ඉන්න ඕන ඒ අයගේ ඒවත් පවරා ගනීද දන්නෙ නැහැකියලා. ඒක තමයි ප්‍රශ්නෙකට තියෙන්නේ.” යනුවෙන් පවසා සිටියේය.