ක්‍රිකට් පිත්තකින් පහරදුන් බවට අසත්‍ය පැමිණිල්ලක් කරමින් සිය කීර්තිනාමයට හානිකළ බව පවසමින් රාජගිරිය, මැල්වත්තේ පදිංචි කේ.එච්. පියසේන නැමැත්තාගෙන් රුපියල් මිලියන 15 ක වන්දියක් ඉල්ලා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙරේදා (25දා) එන්තරවාසියක් යවා තිබේ.
දින 14 ක් ඇතුළත අදාළ වන්දිය නොගෙවනු ලැබුවහොත් නඩුපවරන බව නීතිඥ හරීන්ද්‍ර රාජපක්ෂ මහතා මාර්ගයෙන් යවා ඇති එම එන්තරවාසියේ සඳහන් වෙයි. එසේම නඩුව සඳහා යන වියදම්ද මෙම පුද්ගලයාගෙන් ඉල්ලා සිටින බව එන්තරවාසියෙහි දක්වා තිබේ.