මහ ඇමති ධුර භාර ගැනීමට ප්‍රසන්න හා ශාන් සූදානම්
බස්නාහිර හා දකුණු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධුර යළිත් වතාවක් භාර ගැනීමට ප්‍රසන්න රණතුංග මහතා හා ශාන් විජයලාල් ද සිල්වා මහතා සූදානමින් පසුවෙති.
බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ හා බස්නාහිර පළාතේ වැඩිම මනාප ලාභියා මෙන්ම හිටපු බස්නාහිර ප්‍රධාන අමාත්‍යවරයා ලෙසත් ප්‍රසන්න රණතුංග මහතා 'අද'ට ප්‍රකාශ කළේ තමන් යළිත් ප්‍රධාන අමාත්‍ය ධුරය බලාපොරොත්තු වන බවය.
දකුණු පළාත් සභා මැතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ හා දකුණු පළාතේ වැඩිම මනාප ලාභියා මෙන්ම හිටපු ප්‍රධාන අමාත්‍යවරයා ලෙසත් ශාන් විජයලාල් ද සිල්වා මහතා 'අද'ට ප්‍රකාශ කළේ පසුගිය දෙවතාවේදීම මෙන්ම මෙවරද දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය දැරීම සඳහා අවශ්‍ය කරන සියලු සුදුසුකම් සපුරා තිබෙන බව තමාගේ විශ්වාසය බවය.
ප්‍රසන්න රණතුංග මහතා
"බස්නාහිර පළාතේ ප්‍රධාන අමත්‍යධුරය නම් කරන්න හදන වෙලාවේ මම කිව්වේ එය පක්ෂය, නායකත්වය ගත යුතු තීරණයක් බවයි. ඡන්ද ප්‍රතිඵල දෙස බැලීමේදී ජනතාවගේ බලපොරොත්තුව මොකද්ද කියලා පේනවා. පක්ෂය හා නායකත්වය ඒ දෙස බලා ප්‍රධාන අමාත්‍යධුරය සම්බන්ධයෙන් තීන්දුවක් ගනීවි. මම ප්‍රධාන අමාත්‍යධුරය බලාපොරොත්තු වෙනවා. නමුත් පක්ෂය ගත්ත ඕනෑම තීරණයක් පිළිගන්නත් මම සූදානම්"
ශාන් විජයලාල්ද සිල්වා මහතා
"ඡන්දයට කලිනුත් පැහැදිලිවම මම කිව්වෙ මහ ඇමතිධුරය තේරීම පක්ෂයත්, පක්ෂ නායකත්වයත් විසින් කළ යුතු බවයි. ඉදිරි දින කිහිපයේදී ජනාධිපතිතුමා සහ පක්ෂය අනිවාර්යයෙන්ම ඒ ගැන තීන්දුවක් ගනීවි. මහ ඇමතිධුරය නම් නොකර තියෙන තාක්කල් ඕනෑම අපේක්ෂකයෙකුට මහ ඇමතිධුරය පිළිබඳව අපේක්ෂාවක් තියාගන්න පුළුවන්. එහෙම තියෙද්දි ජනාධිපතිතුමා ගිය වතාවෙත් මට ඒ අවස්ථාව ලබාදුන්නා. ඉදිරියේදී පක්ෂයෙත්, එතුමාගේත් අනුමැතිය තුළ එවැනි අවස්ථාවක් ලැබුණොත් ඒ වැඩ කටයුත්ත භාරගෙන දකුණේ ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටුකරන්න ඉඩ ප්‍රස්තාවක් ලැබේවි"
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
