මස්කෙළිය පොලිස් ස්ථානාධිපති ඉවත් කරන්නැයි තොන්ඩමන් සත්යග්රහයක
මස්කෙළිය පොලීසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතාව වහාම ස්ථාන මාරු කරන ලෙස බලකරමින් ලංකා කම්කරු කොංග්රසයේ සභාපති හා මහලේකම් නුවරඑළිය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අරුමුගන් තොන්ඩමන් මහතා හා එම පක්ෂයේ උපසභාපති ඇතුළු ආධාරකරුවන් පිරිසක් මස්කෙළිය පොලීසිය ඉදිරිපිට සත්යග්රහයක් ආරම්භ කර තිබේ.
මස්කෙළිය පොලිස් ස්ථානය අසලට ඊයේ (06දා) පස්වරු 6.00ට පමණ පැමිණි තොන්ඩමන් මහතා හැටන් සහකාර පොලිස් අධිකාරීවරයා සමග සාකච්ඡා කර එයට විසඳුමක් නොලැබුණු බැවින් අද (07දා) අලුයමට පෙර පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කරන ලෙස බලකරමින් සත්යග්රහය ආරම්භ කළේය.
මේ සම්බන්ධයෙන් අප මස්කෙළිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතාගේ කළ විමසීමකදී හෙතෙම පවසා සිටියේ නෝර්වූඩ් සාමිමලේ ප්රධාන මාර්ගයේ ගවරවිල ප්රදේශයේ අනවසර වෙළෙඳ සැල් ඉදිකිරීමක් සම්බන්ධයෙන් එම වතුයායේ වතු අධිකාරිවරයාගෙන් ලද පැමිණිල්ලක් මත තමන් නීතිය ක්රියාත්මක කළ බවයි.
තමන් කිසිදු දේශපාලන පක්ෂයකට පක්ෂග්රාහීව කටයුතු නොකරන බවද පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.




