පන්නල, මගුරුවෙළ ප්‍රදේශයේ නිවෙසක මව සහදියණිය ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි පොලීසිය කියයි. අද (09දා) පෙරවරුවේදී මළ සිරුරු සොයාගත් බවත් පොලීසිය පවසයි.
රාජපක්ෂ මුදියන්සේලාගේ හේමලතා (45), විශ්වනී සඳතාරුකා (20) යන අය මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.