තමාව නීත්‍යනුකූලව හදාවඩා ගත් මව ආයුධයකින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකුට හලාවත මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර අමල් රණරාජ මහතා මරණ දණ්ඩනය නියම කළේය.
මෙසේ මරණ දඬුවම නියම වූයේ නාත්තන්ඩිය ඉහළ වලහපිටියේ පදිංචිව සිටි රාජපක්ෂ ආරච්චිගේ ලලිත් රෝහණ (අවු.54) නමැති අයටය.
2001 ජනවාරි මස 22 දින හෝ ඊට ආසන්න දිනයකදී නාත්තන්ඩිය ඉහළ වලහපිටියේදී රාජපක්ෂ ආරච්චිගේ ලුවි නෝනා (අවු.81) නමැති කාන්තාව ඝාතනය කිරීමේ චෝදනාව මත විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
හලාවත සුපුන් හංසන