සහෝදරයන් දෙදෙනෙකු අතර සිදු වූ ගැටුමකින් මල්ලී විසින් අයියාගේ හිසට පොරොවෙන් කොටා ඝාතනය කර ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසයි. මෙසේ ඝාතනය කර ඇත්තේ ගිනිගත්හේන රංජුරාව මැඩිල්ල හත්ලා ප්රදේශයේ පදිංචි එස්. සෙනෙවිරත්නනම් 35 හැවිරිදි අයෙකි.
දෙදෙනාම විවාහකයන් බවත් ඊයේ (06දා) රාත්රී 7 ට පමණ නිවසේ කිසිවෙකු නොසිටි අවස්ථාවේ ඔවුන් අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව මල්ලි අයියාගේ හිසට පොරොවකින් පහර දී ඝාතනය කර තිබේ.
ගිනිගත්හේන පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව එම නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී තුවාල සහිතව අධික බීමතින් සිටි මල්ලීද මියගිය සහෝදරයාගේ සිරුර සොයාගැනීමට උදවු කර තිබේ.