නයිනමඩම, වෙල්ලංකරය මුහුදේ දිය නාමින් සිටි එකම පවුලේ හතර දෙනෙකු මුහුදේ ගිලෙමින් සිටියදී ප්රදේශවාසී විසින් ඊයේ (12දා) සවස ගොඩට ගෙන මාරවිලි රෝහලට ඇතුළත් කර තිබේ.
මෙලෙස බේරාගෙන ඇත්තේ කටාන ප්රදේශයේ සිට පැමිණි එකම පවුලේ හතර දෙනෙකි. එම හතර දෙනාගෙන් බරපතළ තත්ත්වයේ සිටි කාන්තාවන් දෙදෙනෙකු මාරවිල රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බවත්, එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.
නයිනමඩම චන්දන ප්රනාන්දු