මැදපෙරදිග ශ්වසන රෝගය හෙවත් 'මර්ස්' හේතුවෙන් දකුණු කොරියාව තුළ පස් වැනි මරණයත් වාර්තා වූ බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.
එමෙන්ම, රට තුළ මර්ස් වැළඳුණු රෝගීන්ගේ සංඛ්‍යාව 64 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය මැද පෙරදිග කලාපයෙන් පිටත 'මර්ස්' ව්‍යාප්තිය ඉහළ ගිය ප්‍රථම අවස්ථාව බවටද පත්ව තිබේ.
මේ අතර, වෛරසයට නිරාවරණය වී ඇතැයි සැක කෙරුණු පුද්ගලයන් 1,600ක් රෝග නිරෝධායනයට යොමු කර ඇති බවද එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.
සෞදි අරාබියෙන් ආරම්භ වූ 'මර්ස්' වෛරසය මුලින්ම මිනිස් ශරීරයක තිබියදී සොයා ගනු ලැබුවේ 2012 වසරේදීය.
කොරෝනා වෛරසයක් හේතුවෙන් වැළඳෙන මෙම රෝගය නිසා අධික උණ, ශ්වසන ආබාධ, නියුමෝනියාව හා වකුගඩු අක්‍රීයවීම යන තත්ත්වයන් ඇති වෙයි.