රහස් පොලිස් නිළධාරීන්ට මරණ තර්ජන කිරීම නිසා වාස් ගුණවර්ධන මහතා වරදකරුවෙයි. කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනිමට යාමේදී අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස්ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගැනීම සිදුවූ අවස්ථාවේ, අත්අඩංගුවට ගැනීමට පැමිණි රහස් පොලීස් නිලධාරීන්ට මරණ තර්ජනය කිරීමේ චෝදනාවට අධිකරණය හමුවේ ඔහු වරදකරු වී ඇත.
කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔහුට බරපතල වැඩ සහිතව වසර 5ක සිර දඩුවමක් සහ රුපියල් 25,000 ක දඩයක් නියම කළේය.