තමන් හොඳින් වැඩ කළ රජයේ නිලධාරියෙකු බවත්, තමන්ටත් මේ ආකාරයෙන් චෝදනා එල්ල කරනවානම් අනිත් රාජ්‍ය නිලධාරීන්ද හොඳින් වැඩ නොකරාවි යැයි හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවේ කැඳවීමකට අනුව අද (23දා) එහි ගිය හිටපු ආරක්ෂක ලේකම්වරයා කොමිසමෙන එළියට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඉහත අදහස් දැක්වීය.
එසෙම් විරෝධතාකරුවන් අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසුවේ ඒ වෙනුවෙන් ජනතාවට ස්තූතිවන්ත වන බවයි.