මෙවර ජනපතිවරණයේදී තමන් සටන් කරන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
අරලියගහ මන්දිරයේදී පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ප්‍රධානීන් හමු වූ අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
“මම තරග කරන්නෙ චන්ද්‍රිකා එක්කයි. මේක මංගල, චන්ද්‍රිකා එකමුතුවක්. රනිල් තව ටික දවසකින් ඩුම්. මම විශ්වාස කරන්නෙ රනිල්ට තමයි මට තරගයක් දෙන්න පුළුවන්. එයාට යාන්ත්‍රණයක් තියෙනවා. මෛත්‍රීපාල ඉන්නේ නිකම් පැත්තක” යැයි ජනපතිවරයා කියා සිටියේය.