අනුරාධපුර පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මංගල ජන රැළියට තමා සහභාගී නොවුයේ තමන් මෛත්‍රී කණ්ඩායමේ හෝ මහින්ද කණ්ඩායමේ සාමාජිකයකු නොවන නිසා බැවින් යැයි අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.
එසේම තමන් කිසිවෙකුගේ පිලක් නියෝජනය නොකරන බවත්, තමන් වෙනත් අයකු වෙනුවෙන් පෙනී සිටීමද සිදු නොකරන බවත්, තමන් නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් බවත් ඔහු පැවැසීය. එහෙයින් අනුරාධපුර මංගල ජන රැළියට සහභාගී නොවූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඊයේ (18) එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති නියෝජිත හමුවක් අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය.