බැසිල් රාජපක්ෂ මහතා දේශපාලඥයෙක් නිසා සිරගත වූවට ගැටලුවක් නැති බවත්, මූල්‍ය අපරාධ ඒකකය දඬයම් ඒකකයක් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හම්බන්තොට වලස්මුල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභගී වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.
“මම පැනල ගියේ නෑ.මම පැරදිලා අවේ මැදමුලනට මිසක් කොළඹ නැවතුනේ නෑනේ .එහෙම නැත්නම් එංගලන්තයට හෝ ප්‍රංශයට ගියේ නෑනේ . මම කවදත් ඔබ අමතක කරන්නේ නෑ.
මුල්‍ය අපරාධ ඒකකයෙන් තමයි දඩයම් කරන්නේ දඩයම් ඒකකය කියලා කියන්න ඕන. මේකෙන් ඔක්කොටම ගැහුවා බැසිල් රාජපක්ෂ හිරේ දැම්මට ප්‍රශ්නයක් නෑ. එයා දේශපාලඥයෙක්. මමත් මාස තුනක් ඉදලා ආවනේ . අද රනිල් කියන වචන තුනක් තියෙනවා. රාජපක්ෂ වරු අතුගා දාන්න ඕන. රාජපක්ෂවරු විනාශ කරන්න ඕන. රාජපක්ෂවරු වලදාන්න ඕන. අපිව විනාශ කරන්නේ මොකද අපි යුද්ධය දිනපු හින්දද? මේ රට දියුණු කරපු හින්දද?”