මන්නාරම තිරුකේදීශ්වරන් සමූහ මීනි වළේ කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමට තීරණයකර ඇත. ඒ අනුව එළඹෙන10වැනිදා පැවැත්වීමට නියමිත තිරුකේදීශ්වරන් කෝවිල් උත්සවයෙන් නැවතත් කැනීම් කටයුතු ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.
පසුගිය වසරේ දෙසැම්බර් මස 22 වැනිදා ආරම්භ කෙරුණු කැනීම් වලින් මේ වන විට මළ සිරුරු 55ක අස්ථි කොටස් හමු වී ඇති බවට මන්නාරම් පොලීසිය කියා සිටියේය.
මන්නාරම පොලීසිය පැවසුවේ මන්නාරම මහේස්ත්‍රාත් ආනන්දි කනගරත්නම් මහත්මිය හා අනුරාධපුර රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩි.එල්.වෛද්‍යරත්න මහතා ඉඳිරියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් අදාල කැනීම් සඳහා පරීක්ෂණ කටයුතු පවත්වමින් සිටින බවටයි.