මන්දිර බද්ද අයකළ යුත්තේ කාගෙන්දැයි බන්දුල අසයි
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝෂියස් මහතාගේ මැදිහත්වීමෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා රුපියල් කෝටි 16 ½කට සුඛෝපභෝගී නිවසක් මිලදී ගෙන තිබියදී අනෙකුත් නිවාසවලට මන්දිර බද්දක් පනවා තිබුණු බවත්, එම බද්ද සැබවින්ම අයකළ යුත්තේ කාගෙන්දැයි යහපාලනයේ විද්වතුන් රටට පැවසිය යුතු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (25දා) පැවසීය.
අර්ජුන් ඇලෝෂියස් විසින් මාසයකට රුපියල් ලක්ෂ 12-15 අතර මුදලකට කුලී වශයෙන් ලබාදුන් නිවාසවල මුදල් ඇමතිවරයා පදිංචි වී සිටින බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තු විවාදවලදී මීට පෙර අනාවරණය කළ බවත්, ඒකාබද්ධ විපක්ෂය නිවැරදිව පෙන්වාදුන් කරුණු සත්‍යයක් බව බැඳුම්කර කොමිසම හමුවේ ඔප්පු වී තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
රවී කරුණානායක මහතා සිදු කළ අයථා කටයුතු සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දුන් අවස්ථාවලදී ඒ මහතා සිදු කළේ හිටපු ජනාධිපතිවරයාට,හිටපු ආරක්ෂක ලේකම්වරයාට,රණවිරුවන්ට,පුද්ගලික ආයතනවලට චෝදනා කිරීම පමණක් බවත්,පාර්ලිමේන්තුවට අසත්‍ය සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර තිබුණු බැවින් ඔහුට විරුද්ධව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිගැනීමට ආණ්ඩුව සූදානම් නොවූ බවත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
පුංචි බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි වජිරාශ්රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

