පාර්ලිමේන්තු මන්ත්රීවරුන් කිහිපදෙකෙතු තමාට ඊයේ දිනයේදී සභාගැබේදී මරණ තර්ජනය කළබවත් තම වරප්රසාද කඩවු හෙයිනුත් මේසම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් කරණ ලෙස පාර්ලිමේන්තු මන්ත්රී මුජුබර් රහුමාන් මහතා අද(12) පාර්ලිමේන්තුවේදී පැවසීය. මේසම්බන්ධයෙන් අදහස් දක්වමින් කථානායක කරු ජයසුරිය මහතා පැවසුයේ අදාළ කාරණය වරප්රසාද කමිටුවට යොමුකරන අතර සති දෙකක් ඇතුළත තීරණයක් ලබාදෙන බවය.
මේසම්බන්ධයෙන් මුජුබර් රහුමාන් මහතා මෙසේද පැවසීය. ජොන්ස්ටන් ප්රනාන්දු, සනත් නිශාන්ත, ඉන්දික අනුරුද්ධ මන්ත්රීවරුන් මට පහරදෙන්න තැත්තළා. තාජුඩීන් ගැන කථානොකළ යුතුයි කියලා ඔවුන් මට මරණ තර්ජන කළා. යනුවෙනි