එක්සත් ජාතික පෙරමුණේ සහ එක්සත් ජානතා නිදහස් සන්ධානයේ මන්ත්රීවරුන් සඳහා අයවැය පිළිබඳ දෙදින වැඩමුළුවක් පැවැත්වීමට සුදානම්කර තිබේ.අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් බෙන්තොට ප්රදේශයේ හෝටලයකදී මෙම වැඩමුළු අද(28) සහ හෙට (29) පැවැත්වීමට නියමිතය. අදාළ වැඩමුළුව සඳහා මේවනවිට මන්ත්රීවරුන් ඇමතිවරුන් බොහෝපිරිසක් පැමිණ ඇතිබවත් ඒසඳහා එජනිස නියෝජනය කරන ඇතැම් විපක්ෂ මන්ත්රීවරුන්ද පැමිණීමට නියමිතව ඇතැයිද අද ට වාර්තාවේ. මෙහිදී අයවැය පිළිබඳව අගමැතිවරයාගෙන් සහ මුදල් ඇමතිවරයාගෙන් සෘජුව ප්රශ්න කිරීමට අවස්ථාව ලබාදෙන බව මීට පෙර වාර්තාවිය.