එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කළ ඒ.ආර්.ඒ. හෆීස් මහතා අද (19දා) සිය මන්ත්රී ධුරයෙන්ඉල්ලා අස්වී තිබේ. පාර්ලිමේන්තු මහලේකම් ඩබ්.බී.ඩී. දසනායක මහතා සඳහන්කළේ හෆීස් මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමාවෙත ලැබුණ බවත්,එය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත යොමුකළ බවත්ය.
ඒඅනුව පුරප්පාඩු මන්ත්රීධුරයට ඉදිරියේදී මන්ත්රීවරයෙකු නම්කරනු ඇතැයිද මහලේකම්වරයා කියා සිටියේය.