සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජින් වාස් ගුණවර්ධන මහතාගේ නිවසේ සිටි අලියාට 2009 වර්ෂයේ නිකුත් කළ බලපත්‍රයක් ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මන්තී‍්‍රවරයාගේ නිවසේ අනවසර අලියෙකු රඳවාගෙන සිටින බවට ලැබුණු තොරතුරකට අනුව එහි ගිය වනජීවී නිලධාරීන්ට මන්තී‍්‍රවරයා කොළඹ සිට දුරකථනයෙන් දැනුම් දී ඇත්තේ අදාළ බලපත්‍රය තමන් සතු බවත් එය වනජීවී කාර්යාලයට ඉදිරිපත් කළ හැකි බවත්ය.
හික්කඩුව වනෝද්‍යාන භාරකරු අසංක ගුණවර්ධන මහතා පවසන්නේ මන්තී‍්‍රවරයා කොළඹ සිට බලපත්‍රයේ පිටපතක් ෆැක්ස් මගින් තමන්ට ලැබීමට සැළැස්වීමෙන් පසු අලියා එම ස්ථානයේ රඳවා තමන් නිලධාරින් සමග එතැනින් ඉවත්ව ගිය බවයි.
පසුදින මන්තී‍්‍රවරයා විසින් අලියාට අයත්යැයි පවසන බලපත්‍රයක් කොළඹ වනජීවී කාර්යාලයට ඉදිරිපත් කර තිබිණි. එය 2009 දී වනජීවී දෙපාර්තමේන්තුව මගින් නිකුත්කරණ ලද 207 අංකය සහිත බලපත්‍රයකි. එම බලපත්‍රයේ දැක්වෙන්නේ අලියා නාමලී නමැති හීලා ඇතින්නක විසින් බිහිකරණ ලද පැටවකු බවයි.
අලියාගේ වත්මන් හිමිකරු කොළඹ හත පදිංචි අයෙකි. හෙතෙම මේ අලියා මිලදී ගෙන ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකිනි. අලියෙකු රුපියල් ලක්ෂ 10ට විකිණීමට ඇති බව හිමිනමක් විසින් තමන්ට දැනුම් දුන් බවත් ඒ අනුව අලියා ගැන සොයා බලා එම හිමියන්ගේ විහාරස්ථානයේ දී අලියා මිලදී ගත් බවත් හිමියන් එම ගනුදෙනුවේ සාක්ෂිකරුවකු ලෙස අත්සන් කළ බවත් අලියාගේ හිමිකරු පවසයි.
වනජීවී දෙපාර්තමේන්තුව පවසන්නේ අදාල හිමිකරු විසින් අලියා සජින් වාස් ගුණවර්ධන මහතාගේ නිවසේ රඳවා ඇත්තේ ග්‍රාම නිලධාරී මහතාගේ හා ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය ද ඇතිව බවයි.
අලියා වෙනුවෙන් නිකුත් කැර ඇති බලපත්‍රය නීත්‍යානුකූල බලපත්‍රයක් වුව ද බලපත්‍රය ලබා ගැනීමේ දී ඉදිරිපත් කැර ඇති තොරතුරු සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව ද වනජීවීන නිලධාරීහු කියති.