යෝජිත නව මැතිවරණ ක්‍රමයට අනුව පාර්ලිමේන්තුවට තෝරාපත් කරගන්නා මන්ත්‍රී ධුර සංඛ්‍යාව සහ සමස්ත කොට්ඨාස ප්‍රමාණය පිළිබඳව අවසන් තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් විසින් ගනු ලබන තීන්දුව අද (20දා) කැබිනට් මණ්ඩලයට දැනුම්දීමට නියමිතය.
මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනාවට අනුව රට තුළ දැනට ක්‍රියාත්මක කොට්ඨාස
160 ක ප්‍රමාණය 165 ක් කිරීමට යෝජනා වී තිබෙන අතර,
225 ක් වන මන්ත්‍රී ධුර සංඛ්‍යාව 255 ක් කිරීමටද යෝජනා වී
තිබේ. මේ අතර මහජන එක්සත් පෙරමුණ විසින්ද මේ පිළිබඳව යෝජනා ඉදිරිපත් කරමින් මැතිවරණ ක්‍රමය වෙනස් කළද මන්ත්‍රීධුර ප්‍රමාණය වෙනස් කළ යුතු නැතැයි යෝජනා කර තිබේ.